නඳුන් චින්තක නොහොත් “හරක් කටාගෙන්” අල්ලස් වශයෙන් මුදල් ලබාගත් නම් ලැයිස්තුවක් ඉදිරියේදී අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥයෝ පවසති. පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ නම්ගම් මෙහිදී හෙළිදරව් කරන බවත්, නඳුන් චින්තක පැන යාම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී ලබාගත් පොලිස් ප්‍රකාශ මත ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති බවත් ඔවුහු සඳහන් කළහ.
මුදල්, පරිගණක, ඇපල් දුරකතන ද ඇතැමුන් අල්ලස් ලෙස ලබාගෙන ඇති බව අනාවරණය වී ඇතැයි නීතිඥයෝ වැඩිදුරටත් පැවසූහ.
දැනට පුද්ගලයන් හත්දෙනකු පමණ විවිධ අවස්ථාවල මුදල් සහ විවිධ අල්ලස් ලබාගෙන ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලීම් සිදුකරන බවත් එම නීතිඥයෝ වැඩිදුරටත් පැවසූහ
හරක් කටාගෙන් ගාණ කපාගත් ලැයිස්තුවක් එළියට
