බොරැල්ලේ වෙඩි වරුසාවෙන් අයෙක් මරුට.. තිදෙනෙකුට අසාධ්‍යයි…

  බොරැල්ලේ වෙඩි වරුසාවෙන් අයෙක් මරුට.. තිදෙනෙකුට අසාධ්‍යයි…

ඊයේ රාත්‍රියේ බොරැල්ලේ සහස්පුර, සිරිසර උයන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයන් සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

තුවාල ලැබූ මෙම පුද්ගලයන් තිදෙනා දැනට ශල්‍යකර්මවලට භාජනය කර ඇති අතර, ඔවුන් මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිදුවීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ එක් පුද්ගලයෙකු මිය ගියේය

Search