ජනපති ලේකම් නිල රිය අවභාවිත කළැයි CIDයට පැමිණිල්ලක්

 ජනපති ලේකම් නිල රිය අවභාවිත කළැයි CIDයට පැමිණිල්ලක්

ජනාධිපති ලේකම් සනත් කුමානායකගේ නිල රථය අවභාවිත කිරීම සම්බන්ධව පැහැදිලි විමර්ශනයක් සිදු කර සත්‍ය තොරතුරු රටට හෙළි කරන ලෙස ඉල්ලා නව ජනතා පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (අගෝ. 4) පැමිණිල්ලක් භාර දී ඇත.

නව ජනතා පෙරමුණේ විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම හා නව ජනතා වැඩිහිටි මිත්‍ර සංසදයේ සභාපති සුනිල් කුමාර විසින් මෙම පැමිණිල්ල භාර දී ඇත.

නව ජනතා පෙරමුණේ විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම මහතා මාධ්‍යට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“මාධ්‍ය හා සමාජ මාධ්‍යවලින් අපි දැක්කා ජනාධිපති ලේකම්වරයාට අයත් සුඛෝපභෝගි නිල රථය පෙරේදා දිනයේදී පැලවත්ත, අකුරේගොඩ පිහිටි හමුදා කඳවුර ඉදිරිපිටදී රිය අනතුරකට ලක් වූණා. මෙම රිය අනතුර සිදුවන වෙලාවේ නිල රථයේ ගමන් කරමින් ඇත්තේ ජනාධිපති ලේකම්වරයාගේ බිරිය බවට තොරතුරු ලැබිලා තියෙනවා.

එම රථය යතුරුපැදියක ගැටීම නිසා මව පියා හා වයස අවුරුදු 2 සහ අවුරුදු 6 දරුවන් දෙදෙනාත් රෝහල්ගත කර තියෙනවා. අපට ලැබී තියෙන තොරතුරු අනුව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන් දෙදෙනා හා මව තවම ප්‍රතිකාර ලබමින් සිටිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිලි කරමින් විමසා සිටින්නේ ජනාධිපති ලේකම්වරයාගේ නිල රථය තම බිරිය හෝ වෙනත් පාර්ශ්වයක් විසින් මේ ලෙස භාවිත කරන්නේ කෙසේ ද? මෙය රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක්. අපට ලැබී ඇති තොරතුරු අනුව ඔහුගේ බිරිය මෙම රථය යොදා ගෙන ඇත්තේ බිරියට සාප්පු සවාරි යෑම සඳහා ය. පුනරුද ආණ්ඩුව පත්වුණේ කිසිම රාජ්‍ය දේපළක් අවභාවිත නොකරන බව ප්‍රකාශ කරමිනි”

Search