ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සඳහා රජය අපේක්ෂා කළ ආකාරයේ බදු සහනයක් ලැබුණ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා පැවසීය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමග පැවැති තීරු බදු සාකච්ඡාවල සාර්ථකත්වය මත තවදුරටත් වෙළඳ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පවසයි.
අමෙරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාව අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පණ වන තීරුබද්ද 20% දක්වා අඩුකිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළ ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ කලාපයේ සෙසු තරගකරුවන්ට සමාන තිරැබදු අනුපාතයක් මේ හරහා ලබා ගැනීමට හැකි වූ බවයි.
තවදුරටත් තීරුබදු අඩු කිරීම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රජය එක්සත් ජනපදය සමඟ කටයුතු අඛන්ඩව ඉදිරියට කරගෙන යන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.