මෙම මාසයේ සිට ක්‍රියාත්මකවන පරිදි ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද නව බදු අනුපාතයන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම තීරුබදු අනුපාත 2025 අගෝස්තු 7 වන දින සිට බලපැවැත්වෙන පරිදි, රටවලින් ආනයනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරුබදුය.
රටවල් කිහිපයක් සඳහා නියම කර ඇති එම බදු අනුපාතයන් මෙසේය.
10% – ෆෝක්ලන්ත දූපත්, එක්සත් රාජධානිය, බ්‍රසීලය
15% – ඇෆ්ගනිස්ථානය, ඇන්ගෝලාව, බොලිවියාව, බොට්ස්වානා, කැමරූන්, චැඩ්, කොස්ටාරිකාව, අයිවරි කෝස්ට්, කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය, ඉක්වදෝරය, ගිනියාව, ෆීජි, ඝානාව, ගයනාව, අයිස්ලන්තය, ඊශ්‍රායලය, ජපානය, ජෝර්දානය, ලෙසෝතෝ, ලිච්ටෙන්ස්ටයින්, මැඩගස්කරය, මලාවි, මොරිෂස්, මොසැම්බික්, නැමීබියාව, නාවුරු, නවසීලන්තය, නයිජීරියාව, උතුරු මැසිඩෝනියාව, නෝර්වේ, පැපුවා නිව්ගිනියාව, දකුණු කොරියාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, තුර්කිය, උගන්ඩාව, වනුවාටු, වෙනිසියුලාව, සැම්බියාව, සිම්බාබ්වේ
18% – නිකරගුවාව
19% – කාම්බෝජය, ඉන්දුනීසියාව, මැලේසියාව, පාකිස්ථානය, පිලිපීනය, තායිලන්තය
20% – බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, තායිවානය, වියට්නාමය
25% – ඉන්දියාව, බෲනායි, කසකස්තානය, මෝල්ඩෝවා, ටියුනීසියාව
30% – ඇල්ජීරියාව, බොස්නියාව සහ හර්සගොවිනා, ලිබියාව, දකුණු අප්‍රිකාව
35% – ඉරාකය, සර්බියාව
39% – ස්විට්සර්ලන්තය
40% – මියන්මාරය (බුරුමය), ලාඕසය
41% – සිරියාව
රටවල් රැසක ඇමරිකා නව බදු අනුපාත මෙන්න.. අඩුම 10%යි.. වැඩි පිරිසකට 15%යි..
