රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර විශේෂ හමුවක් හෙට (23) මොස්කව්හිදී පැවැත්වීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.
ඉස්තාන්බුල්හි පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතර තුරයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සජීවී ලෙස ප්‍රකාශයක් නිකුත් කරන අතරතුර ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ තමන් එම සාකච්ඡාව සඳහා අද දින මොස්කව් වෙත යන බවයි.
"රුසියාව ඉරානයේ මිතුරෙක්, එබැවින් අප සැමවිටම එකිනෙකා සමග සාකච්ඡා කර අපගේ ස්ථාවරයන් සම්බන්ධීකරණය කර ගන්නවා.
හෙට මම රුසියානු ජනාධිපතිවරයා සමඟ කතාබහ කර අපි එකිනෙකා සමඟ වැඩ කිරීම දිගටම කරගෙන යනවා" යනුවෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර ඉස්තාන්බුල්හි සිදුකළ කතාවේදී ඉරාන විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ඉරානය කිසිම වරදක් කර නොමැති බවයි.
එමෙන්ම ඉරානය න්‍යෂ්ටික අවි සොයන බවට බොරු චෝදනාවක් එල්ල කිරීමෙන් ඉරානයට පහර දිය යුත්තේ ඇයිදැයි තමන්ට නොතේරෙන බවද ඔහු පවසනවා.
මේ අතර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමරිකානු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු රාජ්‍ය තාන්ත්‍රිකභාවය තවත් විකල්පයක් නොවන බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.
"අමෙරිකානු ප්‍රහාරයට සමාව දිය නොහැකියි" යනුවෙන්ද පවසන ඉරාන විදේශ අමාත්‍යවරයා"රාජ්‍ය තාන්ත්‍රිකභාවයට දොර" සැමවිටම විවෘතව තිබිය යුතු වුවද, දැන් එය එසේ නොවේ" යනුවෙන් කියා තිබෙනවා.
එමෙන්ම ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ඉල්ල වූ එක්සත් ජනපද ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය යටතේ සමාව දිය නොහැකි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
තත්ත්වය ඉතා භයානකයි..ඉරාන විදේශ ඇමති පුටින් හමුවේ....ඇමරිකාවෙන් පලිගන්නවා ඉරානය කියයි
