යුද්ධය මියගිය පිරිසට වඩා රිය අනතුරු වලින් මිය යන පිරිස ඉහළ ගොස් ඇතැයි රථ වාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ගත වූ මාස හය තුළ පමණක් පුද්ගලයින් දෙදහක් රිය අනතුරු වලින් මියගොස් ඇති බවයි. වසර තිහක් පුරා යුද්ධයෙන් මිය ගියේ පුද්ගලයින් 28000 ක් වුවත් දිනෙන් දිනම රිය අනතුරු වලින් මිය යන සංඛ්‍යාව වැඩිවීම බරපතළ ව්‍යසනයක් පවා ඔහු වැඩිදුරටත් පැවසීය
ජනවාරි පළ වැනි දා සිට ජූනි මස 06 වනදා දක්වා මාරක රිය අනතුරු 1133 කින් පුද්ගලයින් 2000ක් මිය ගොස් තිබේ. මෙම මාර්ග අනතුරුවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මාර්ගයට නුසුදුසු රථවාහන සහ අවනීතික රියදුරන්ගේ ක්‍රියා කලාපය බව හෙතෙම කීය. දැනට වාහනවල සවිකර ඇති අනවශ්‍ය අමතර කොටස් ජූලි මස පළ වනදා සිට අනිවාර්යෙන් ඉවත් කරන බවද නියෝජ්‍ය පොලිසිවරයා පැවසීය