අත්‍යවශ්‍ය නම් හැර වෙනත් කිසිදු හේතුවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබා නොදීමේ දැඩි ස්ථාවරයක ජනාධිපති අනුර කුමාර දිසානායක පසුවන බව අනාවරණය වෙයි.
ආරක්ෂක අංශ ප්‍රධානින් සමග පසුගියදා පැවති ඉහළ පෙළේ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ
සිය ස්ථාවරය ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම සාකච්ඡාවට එක්ව සිටි උතුරු පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් තමන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන්න කළ ඉල්ලීමකට අනුවය.
එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවය.
පොලිස් ආරක්ෂාව ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ යෝජනා සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්ට යොමු කෙරේ