පසුගිය ආණ්ඩු සමයේදී වැරදි ආකාරයට පත්වීම් සහ උසස් වීම් ලබා මුල් පුටු හොබවන ඉහළ පෙළේ නිලධාරින් දස දෙනකු සම්බන්ධයෙන් සුදුසු නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය
ඇතැමුන්ට ස්ථාන මාරු ලබා දීමටද රජයේ අවධානය යොමු වී ඇත. මෙම දස දෙනාගෙන් සමහරුන්ට වාහන මුදල් අවභාවිතාව සහ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ඇතුළු විවිධ දූෂණ වංචා සහ අක්‍රමිතා සම්බන්ධ චෝදනා පවතින බව දැනගන්නට ඇත.
ඇතැම් නිලධාරීනියන් හිටපු නායකයන්ගේ ආශිර්වාදයෙන් ඉහළම නිලධාරීන්ද පස කට තල්ලු කර දමමින් ඉතා ඉහළම තනතුරුවල සිට එකවරම ඉහළට පැමිණෙන අයවන අතර ඔවුන්ගේ පරිපාලන දැනුමද ඉතාම පහළ මට්ටමක පවතින බවට රජයට පෙනී ගොස් ඇත
මෙම අනිසි පත්කිරීම් හේතුවෙන් පසුගිය කාලයේදී අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂ පළ පුරුදුකම් ඇති දේශ්ටතම පුද්ගලයින් කලකිරීමෙන් නියමිත කාලයට පෙර විශ්‍රාම ගොස් ඇත
මේ අතර පසුගිය සමයේදී දේශපාලන හිතවත්කම් මත පත්වීම් ලැබූ සහ උසස් වීම් ලැබූ නිලධාරීන් නිලධාරිනියන් සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශක කරුණු සොයයි