අග්‍රාමාත්‍ය තනතුරින් තමාව ඉවත් කරනවා කියා පැතිර යන කටකතා බොරු... අග්‍රාමාත්‍ය හරිනිගෙන් ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය තනතුරින් තමාව ඉවත් කරනවා කියා පැතිර යන කටකතා බොරු...  අග්‍රාමාත්‍ය හරිනිගෙන් ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කර වෙනත් අයෙකු අගමැති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් පලවන වාර්තා පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

විරුද්ධවාදීන් විසින් විවිධ අසත්‍ය පුවත් ආණ්ඩුව ගැනත් පක්ෂය ගැනත් පතුරුවමින් සිටින බවයි, ගුවන් විදුලි වැඩසටහනකදී ඇය පැවසුවේ.

මෙවන් අසත්‍ය ප‍්‍රකාශයන් වසර ගණනාවක සිටම පතුරුවමින් ඇති බවත් පැවසූ ඇය ඒවා කිසිවක් මෙතෙක් සිදුව නැති බවද කියා සිටියේ ය.

ඒ ආකාරයෙන්ම මෙම ප්‍රචාරයන්ද සත්‍ය නොවනු ඇති බවයි ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න

Search