කුලියාපිටිය නගර සභාවේ බලය සමගි ජන බලවේගයට.

කුලියාපිටිය නගර සභාවේ බලය සමගි ජන බලවේගයට.
පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරයත් සමගි ජන බලවේගයට අද (18) හිමිවිය.
 
ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ගාමිණී කරුණාරත්න මහතා කුලියාපිටිය නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.

Search