කොමසාරිස් සාරංගිකා කොළඹ කළා වගේම සීතාවකත් කරන්න යයි... විපක්ෂයම සභා ගැබින් නැගිට යයි..ඝන පූර්ණය නැතුව සභාව දින නියමයක් නැතුව කල් යයි

කොමසාරිස් සාරංගිකා කොළඹ කළා වගේම සීතාවකත් කරන්න   යයි... විපක්ෂයම සභා ගැබින් නැගිට යයි..ඝන පූර්ණය නැතුව සභාව දින නියමයක් නැතුව කල් යයි

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද (17) බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු අතර එහි දැඩි උනුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නේද විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න සිදුකළ විමසීමේදි එක් පාර්ශ්වයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශ්වයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් වූ යෝජනා ස්ථීර කිරීම හමුවේය.

ඒ අනුව යෝජනා දෙකක් ඉදිරිපත්වී ඇති බැවින් සභාපතිවරයා පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක්ද වශයෙන් තීරණය කිරීමේ බලය කොමසාරිස්වරියට ඇති බැවින් මෙය රහස් ඡන්දයක් ලෙස පවත්වන බවට කොමසාරිස්වරිය පවසා තිබේ.

ඇය ඊයේ (16) කොළඹ මහ නගර සභාවේද අනුගමනය කළේ ඊට සමාන ආකාරයකි.

කෙසේවෙතත් එම තීරණයට විරෝධය පළ කරමින් සභිකයින් 24 දෙනෙකු සභා ගර්භයෙන් පිටත්ව යාම හේතුවෙන් සභාවේ ඝන පූර්ණය නොමැති වීම මත සභාව විනාඩි 30කට කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කර තිබේ.

නමුත් පසුව ඇති වූ තත්ත්වය මත සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කර ඇත.

ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කර ගැනීම අද සිදුනොවුණු අතර එම කටයුත්ත දින නියමයක් නොමැතිව කල් තැබීමට ද සිදුවිය

Search