අයි.එම්.එෆ්. දෙවැනියා අද ශ්‍රී ලංකාවට

අයි.එම්.එෆ්. දෙවැනියා අද ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් දෙදින සංචාරයක් සදහා අද (15) දිවයිනට පැමිණීමට නියමිතයි.

2005 වසරෙන් පසු, එම අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය බවයි මහබැංකුව සඳහන් කළේ.

“ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම - ණය සහ පාලනය” මැයෙන් හෙට කොළඹදී පැවැත්වෙන සමුළුවේ විශේෂ ආරාධිතයා වන්නේ ද ඇයයි.

මෙම සමුලුවේදී සාර්ව ආර්ථික ඵලදායිදාව ළගාකර ගැනීම, ණය ප්‍රතිව්‍යූහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ලද අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබද සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබද ශ්‍රී ලංකා බලධාරින් සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සහ අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන් සමග සාකච්ඡා පැවැත්වීමටද ඇය අපේක්ෂා කරනවා

Search