මීගමුව කොච්චිකඩේ වෙරළ අසල ත්‍රීරෝද රථයක පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළ සිරුරක්

මීගමුව කොච්චිකඩේ වෙරළ අසල ත්‍රීරෝද රථයක පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළ සිරුරක්

මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටුපොළ මුහුදු තීරයේ ත්‍රීරෝද රථයක් තුළ පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් අද (ජූනි 14) උදෑසන සොයාගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන දැනටමත් ආරම්භ කර ඇති අතර, සිද්ධිය පිළිබඳව තවදුරටත් තොරතුරු සොයමින් සිටී


මියගොස් ඇති පුද්ගලයා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ සේවය කළ පොලිස් සැරයන් රියදුරෙකු වන ජයන්ත පුෂ්පකුමාර (56) නම් වූ මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය තහවුරු කර ඇත.


අද උදෑසන ප්‍රදේශවාසීන් මෙම සිද්ධිය දැක ඇති අතර, ඔවුන් වහාම කොච්චිකඩේ පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබේ. ලැබුණු තොරතුරු අනුව,

 


කොච්චිකඩේ පොලිස් ස්ථානය සහ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


කෙසේ වෙතත්, මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළි වී නොමැති අතර, මරණයට හේතුව හෝ අවසාන වරට ජීවතුන් අතර සිටි අවස්ථාව පිළිබඳ විස්තර තවමත් අනාවරණය වී නැත.
මළසිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහල වෙත රැගෙන යාමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. මරණය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයන් තිබේද යන්න පිළිබඳව විමර්ශන පවත්වමින් පවතින අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් හෝ අමතර තොරතුරු ඇති ඕනෑම පුද්ගලයෙකුට කොච්චිකඩේ පොලීසිය හෝ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය අමතන ලෙස පොලීසිය ඉල්ලීමක් කර ඇත.

 img 684d084e71b2d

 

 

Search