ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයට ජනාධිපති යෝජනා කළ නම ඉල්ලා අස් කර ගනී

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයට ජනාධිපති යෝජනා කළ නම ඉල්ලා අස් කර ගනී

ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වූ විනිසුරු ධූරයක් සඳහා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු එම්.ටී. මොහොමඩ් ලෆාර් මහතාගේ නම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට යෝජනා කර තිබින.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ  රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර එම නාම යෝජනාව ඉල්ලා අස්කර ගත් බව දැනුම් දී තිබේ.

ජුනි 20 වැනි දින විනිසුරු ගාමිණී අමරසේකර මහතා විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සඳහා ජනාධිපතිවරයා ජුනි 09 වැනි දින ලෆාර් මහතාගේ නම යෝජනා කර ඇත.

ලෆාර් මහතා ජූනි 18 වන දිනට සිය 63 වැනි උපන්දිනය යෙදී ඇති අතර අභියාචනාධිකරණ විනිසරුවන් එම වයස සම්පූර්ණ වූ පසු විශ‍්‍රාම යයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම යන්නේ වයස අවුරුදු 65 දීය.

 

LCN

Search