මාලිමා මන්ත්‍රීවරු රොත්තක් අරන් ටිල්වින් චීනෙ යයි

මාලිමා මන්ත්‍රීවරු රොත්තක් අරන් ටිල්වින් චීනෙ යයි

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජෙයිජං පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ අතර හමුවක් ඊයේ (09) එම පළාත් ප්‍රධාන මහජන රැස්වීම් ශාලාවේදි පැවැත්විණි.

ඒ් චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු පිරිසක් මේ දිනවල එරට සංචාරයක නිතරව සිටින අතරතුරය.

එම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව විශේෂයෙන් සකචිඡාවට බදුන් විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට චිනයෙන් මෙන්ම ජෙයිජං පළාතෙන් ලබාදීය හැකි ඉදිරි දායකත්වය පිළිබඳවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් විය.

ශ්‍රී ලංකාවේ පැවති දූෂිත පාලනය තන්ත්‍රය අවසන් කර ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් රටේ ආර්ථික සංවර්ධනය වේගයෙන් ඉදිරියට ගැනීමේ සැලසුමක් සහිතව ගමන් කරමින් සිටින බවත් මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අවධාරණය කරන ලදී. එම ගමනේදී චීනයේ මෙන්ම ජෙයිජං පළාතේ සහාය ද වර්තමාන චීනය දක්වා පැමිණි ගමනේදී චීන කොමියුනිස්ට් පක්ෂය ලද අත්දැකීම් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී ප්‍රධාන ලේකම් සහෝදරයා සඳහන් කර සිටියේය.

මෙම හමුව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ් .එම්. ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු සහෝදර සහෝදරියන් පිරිසක් එක්ව සිටි අතර ජජියාන් පළාතේ උප ආණ්‌ඩුකාර ලූ ෂන් , චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ දකුණු ආසියානු කලාපයේ අධක්ෂක ජනරාල් පෙන්ග් ෂියුබින් ඇතුලු ජජියාන් පළාතේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද එක් වී සිටියහ.

 

img 6847b47134964

 

img 6847b47125175

Search