ෆැසිස්ට් ක්‍රමවේදයෙන් රටේ නීතිය හා සාමය නැති කිරීමට ඉඩ නොදෙන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්
පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
”සාමකාමී අරගලකරුවන් පමණක් නෙවෙයි. එයින් පිට මේ රටට වෙනසක් වුවමානා කියලා කියලා කියන අයටත් සහයෝගය ලබා දෙන්න තියෙනවා.ඒක වුවමනායි. මේ රටේ තරුණයින්ට මේ රට භාරගන්නනවා නම්, ඒ අයගේ අදහස් අනුව තමයි රටේ පාලනයත් ආර්ථිකයත් සකස් කරනන් ඕන. ඒ ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ”
"මම මැයි 13 වනදා අගමැතිකම භාරගත් අවස්ථාවේදී ආර්ථිකය කඩා වැටීමෙන් ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබෙනවා. ඒවා විසඳගන්න තමයි මම ක්‍රියා කරලා තියෙන්නේ. එදා විදුලිබල කප්පාදුව පැය 5යි. මම ඒක පැය 3කට අඩුකරලා තිබෙනවා. යල කන්නයට අද පොහොර තිබෙනවා. ඒ වගේම මහ කන්නයට වුවමනා පොහොර තමයි අපි ලබාගන්නට ක්‍රියා කරගෙන යන්නේ. අපි කැමතියි මහ කන්නයේදී අපි ආපහු අහාරවලින් ස්වයංපෝෂිත වෙනවා නම්. "
"ඒ අරමුණ අමතක කරන්නේ නෑ. අද ගෑස් අඛණ්ඩව ලබාදෙන්න පුළුවන්. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඩීසල් ඒ වගේම අඛණ්ඩව අපි ලබාදෙනවා. පෙට්‍රල් ගැන මෙතෙක් ප්‍රශ්නයක් තිබුණා. ඇත්තවශයෙන්ම මම ජුනි මාසයේ ප්‍රකාශ කළේ ජුලි මාසයේ සති තුනක් තමයි අපිට අමාරුම කාලය වෙන්නේ ඉන්ධන ලබාගන්න. දැන් ජුලි 21 වනදා ඉඳලා අපිට පෙට්‍රල් ලබාදෙන්න පුළුවන්. පෙට්‍රල් සඳහා ලෝක මිල අඩුවුණ නිසා ඒ මිලේ ඒ වාසිය මේ රටේ පාරිභෝගිකයින්ට ලබාදෙනවා. ඒ වගේම ගොවි ණය දැන් අහෝසි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ අක්කර දෙකහමාරක් කුඹුරු තියෙන අයට. පාසල් විවෘත කරලා තියෙනවා. ආර්ථිකය හදාගන්න IMF සමඟ සාකච්ඡා ආරම්භ කළා. මිත්‍ර රටවල් එක්ක කතාකරගෙන යනවා. මේ ආර්ථිකය කඩා වැටීමෙන් විශාල පාඩුවක් අපිට ඇතිවෙලා තියෙන්නේ. ඒවාට මුහුණදෙන්න ක්‍රියාමාර්ග අපි සකස්කරන්න තියෙනවා."