රනිල් ගේ අණින් ‘‘අතිගරු‘‘ සහ "ජනාධිපති කොඩිය" අහෝසියි (VIDEO)

ජනාධිපතිවරයාගේ නම ඉදිරියෙන් අතිගරු යන වචනය යෙදීම තහනම් කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්

පැවසීය.

අද (15) දින වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ඔහු මේ බව කියා සිටියේ ය.

එමෙන්ම ජනාධිපති කොඩිය අහෝසි කරන අතර රටකට තිබිය යුත්තේ එක කොඩියක් පමණක් බව ද වැඩබලන ජනාධිපති අවධාරණය කරයි.

ජාතියක් ඉදිරියට යා යුත්තේ එක කොඩියක සෙවනේ සිට බව ද පැවසූ ජනාධිපතිවරයා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන බව ද කීය.

Search