ජනාධිපති ගෝධාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ පත් කළ බව ජනාධිපතිවරයා දැනුම
දී ඇතැයි කතානායක මහින්දයාපා අබේවර්ධන දැනුම් දෙයි.
මීට ටික වෙලාවකට පෙර කථානායකවරයා මේ බව නිල වශයෙන් නිවේදනය කළේ ය.
කතානායක පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 – 1 වගන්තියට අනුව පැවරී ඇති බලතල අනුව මෙම කටයුත්ත ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා වෙත පවරා ඇති බවයි.
කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් බාර දී ඇති බවට මෙතෙක් නිවේදනය කර නැත.