දූෂණ විරෝධී පනත කඩිනමින් ගෙන ඒම අලුත් ආණ්ඩුවකට ඇති ප්‍රධාන වගකීමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න
පවසයි.
“අපේ රට ජාත්‍යන්තර සම්මතයට විරුද්ධ දේවල්වලට අස්සන් කරල තියෙනවා. ඒත් මේ රටේ නායකයෝ ඒවා ක්‍රියාත්මක කළේ නෑ. මේ පාර සෙල්ලම් දාන්න වෙන්නේ නැහැ. දූෂණයට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. ඒ පනත කඩිනමින් ගෙන ආ යුතුයි. අලුත් ආණ්ඩුවකට තියෙන වගකීම වහාම කළ යුතු දේවල් තමයි මේවා”
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙසේ පැවැසීය.
"ඒ වගේම මේ රටේ අල්ලස දූෂණයට විරුද්ධ කොමිෂන් සභාවක් අවුරුදු 25ක් තිබුණා. නමුත් අල්ලපු එක දේශපාලනඥයෙක් නැහැ. එක නායකයෙක් නැහැ. එක කැබිනට් ඇමැති කෙනෙක් නැහැ. එක ඉහළ නිලධාරියෙක් නැහැ. නමුත් අද හොරකම් කරලා ගෙවල් ගත්තා. පිටරටවල නිවාස ගත්තා කියලා කියනවා. මේ අලුත් ආණ්ඩුවක් දූෂණයට විරුද්ධව ක්‍රියා කරන්න ඕනෑ. මම අහන්නේ මෙච්චර කල් මේ ආණ්ඩු කරපු අය ඉස්සරහා පේළියේ දාගෙන ඕව කරන්න පුළුවන්ද? ඒ ගැන හිතල බලන්න ඕන. අපි දැන් ජනාධිපති කෙනෙක් පත් කරනකොට, අගමැති කෙනෙක් පත් කරනකොට අපිට ඒව කරන්න පුළුවන්ද? මේ ආණ්ඩුව රැකපු අයව ඉස්සරහට දාලා. මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ වෙනසක්.
ජූලි නව වැනිදා ඉස්සරහට ආවෙ වෙනසක් ඉල්ලලා. ඒ නිසා අපි හැම පුද්ගලයෙක් ගැනම හැම චරිතයක් ගැනම බලන්නේ නැහැ. ජනතාවට පිළිගත හැකි චරිත ඉස්සරහින් දාගෙන තමයි මේක කරන්න වෙන්නේ. අල්ලස් දූෂණ කොමිෂන් සභාව අවුරුදු 25ක් තිබුණට ප්‍රසිද්ධ අය කවුරුවත් අධිකරණයටවත් ගෙනැල්ල නැහැ. අධිකරණයෙන් තමයි හොරකම් කළාද නැද්ද තීරණය දෙන්න ඕන. අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව මෙච්චර කල් කරලා තියෙන්නේ බොරුවක්. ඒක ස්වාධීන නැහැ. ඒකෙන් කාට හරි විරුද්ධව චෝදනාවක් ආවම ඒ අයගෙන් ප්‍රශ්න කරනවා. ඉන් පස්සේ ඒ අයගෙ නිරීක්ෂණ කරගෙන යනවා. පනතේ ගැටලු රැසයි.
අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන කරන්න ඕන. ඒක නිරීක්ෂණය කරන්න ගේන නිලධාරීන් ආණ්ඩුවක් වෙනස් වුණාම පොලිසිය භාර ඇමැතිතුමා නිලධාරීන්ව අයින් කරලා අලුත් අය ගේනවා. එහිදී මොනවද වෙන්නේ. තව දීර්ඝ කාලයක් මුල ඉඳලා පරීක්ෂණයක් කරන්න වෙනවා. ඒ ආකාරයට ගැටගහලා තියෙන්නේ. ස්වාධීන අල්ලස් දූෂණ කොමිෂන් සභාවකට බලය තියෙන්න ඕන ආණ්ඩුව තුළ විධායකය තුළ නෙමෙයි. විධායකය ඉල්ලන්න අපිට එවන්න නිරීක්ෂකයෝ කියන්න නෙමෙයි. ඒගොල්ලන්ට බලය තියෙන නිරීක්ෂකයෝ බඳවාගන්න බලය. එහෙම තමයි ඒ ගොල්ලෝ ස්වාධීන අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ හිටපු ප්‍රධාන අය දන්නවා. ඒ අය පිටරටවල ගිහිල්ලා එරෙහි කොමිෂන් සභා අධ්‍යයනය කරලා තියෙනවා. අපේ අය එහේ පුහුණුවට යවන්න කිව්වම එහේ අය ඇහුවා අපේ රටේ එම ආයතනය ස්වාධීනද කියලා. අපේ අය ඔව් කිව්ව. නිරීක්ෂකයෝ කෙළින්ම බඳවා ගන්න පුළුවන්ද ඇහුවා. බැහැ කිව්වම එහෙනම් කොහොමද ස්වාධීන වෙන්නේ කියලා ඇහුවා. එහිදී අපිට ඔයාලට උදවු කරන්න අවශ්‍ය නැහැ කියලා නිරීක්ෂකයෝ පුහුණු කරන්නවත් කාලය නාස්ති කළ වැඩක් නැහැ කිව්වා.
ස්වාධීන වෙච්ච දවසට අපි උදවු කරනවා කිව්වා. මුල් හොරකමට ආවම පොලිසියේ ඉන්න නිලධාරීන් සාමාන්‍ය දූෂණ පිළිබඳව වැරදි පිළිබඳව හොයලා බලන්න දන්නවා. ඒත් මූල්‍ය දූෂණයට අවම ඉන්නේ කපටියෝ මිනිස්සුත් ඉන්නවා උගත් කියලා හැම තිස්සෙම සදාචාරාත්මක නැහැ. සදාචාරය කියන්නේ වෙන එකක්. දූෂණ කොමිෂන් සභාවේ නිරීක්ෂණයට කවුද ඕන. ඒ නිලධාරීන් බැංකු පිළිබඳ ගනුදෙනු දන්නා අය, ගණන් පිළිබඳව දන්නා අය නීති පිළිබඳව දන්නා අය අවශ්‍ය හැකියාවල් වෙනස්. ඒ නිසා තමයි ඒක ස්වාධීන කරන්න ඕන. එය ස්වාධීන කළොත් මාස හයකින් ප්‍රතිඵල අපේ මේ රටේ ජනතාවට දකින්න ලැබෙයි. අලුත් රජයකට තියෙන තවත් ප්‍රධාන දෙයක් එය අපි මේ වෙනස කරගෙන යනවා."