මාධ්‍යවේදියෙක් CIDයට කැඳවීමට එරෙහිව විරෝධයක් (VIDEO)

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හෙට (28) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවීමට විරෝධය පලකරමින් අද උදෑසන එක්සත් ජාතීන්ගේ

සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක් පැවැත්වුණි.

මෙම කැඳවීම සම්බන්ධයෙන් වන ලිපියක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයින් වෙත බාර දීම ද එහිදී සිදු කෙරුණි.

විරෝධතාවයට මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති, කලාකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටිය හ.

Search