ක්ෂුද්‍ර මුල්‍ය ණය ගැටළුවට රජය තවමත් ස්ථිර විසඳුමක් ලබා දී නැති බැවින් මේ වසරේ අලුත් අවුරුදු දා තමන්ට සිය පවුලේ සියලු දෙනා සමඟින් සත්‍යග්‍රහ භුමියේ ඉන්නට සිදුවී ඇති බව ක්ෂ්ද්‍ර මූල්‍ය ණය වින්දිත කාන්තාවන් කියා සිටිනවා.
ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තාවන් විසින් හිගුරක්ගොඩ රාජ ස්මාරකය අසල දී ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (14) දින 38 කි.
"ලැබුවා වූ අලුත් අවුරුද්දේ අපි සත්‍යග්‍රහය කරන තැන තමයි ඉන්නේ. මොකද අපිට සුබ අලුත් අවුරුද්දක් නෑ මේ අවුරුද්දේ. අපි කාන්තා දිනේ පටන් ගත්ත සත්‍යග්‍රහය තව වෙනකන් අපිට ස්ථිර විසඳුමක් හම්බවුණේ නෑ. රජය අපි දිහා බැලුවේ නෑ. බලන්නේ නෑ. ඒ නිසා අපි තාම මෙතන.
සත්‍යග්‍රහය කරන භුමියේ ඉඳලා තමයි අපිට අවුරුදු සමරන්න විදිහක් නැහැ, මොකද ගෙදර ලිප ගිනි මෙලවන්න විදිහක් නැහැ, කිරි උතුරවන්න විදිහක් නැහැ, කෑම මේසෙට පවුලේ අය එකතුවෙලා චාරිත්‍ර කරන්න විදිහක් නැහැ. දරුවෝ තනියම ගෙදර දාල එන්න විදිහක් නැහැ. දරුවොත් අරගෙන මෙතනට ඇවිල්ලා ඉන්නේ 24 ලක්ෂයක් වෙනුවෙන්.
ඉතින් ආණ්ඩුව තමයි ආණ්ඩුව අපිට විසඳුමක් දුන්නා නම් අපි මෙතන ඉන්නේ නැහැ. මොකද ලංකාවේ පංගුවක් කාන්තාවෝ මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය හින්දා මර උගුලක හිරවෙලා ඉන්නවා. අනිත් අයගේ ජිවිත බේරන්න කියලා අපි පාරට බැහැලා ඉන්නවා. හැමෝටම අවුරුදු. අපිට අවුරුදු සමරන්න විදිහක් නැහැ. අවුරුදු අපි සමරනවා කියන්නේ.... අපේ මේ සත්‍යග්‍රහය ජයග්‍රහණය කරපු දවසට අපි අවුරුදු සමරනවා."
මුල් ඡායාරූපය උපුටා ගැන්ම : ඉෂාර ධනසේකර