වී කුරුලු පැටියා ඉල්ලා අස්විය යුතු යි (VIDEO)

මෙරට ඇමතිවරයෙක්ගේ වචනේ විශ්වාස කරලා රටේ ජනතාව පිළිකාකාරක පොත්තෙල් ආහාරයට ගත් බව සමාජවාදී තරුණ සංගමය චෝදනා එල්ල කර යි.

විෂකාරක අඩංගු බව කියන ආහාර ලැයිස්තුවක් ඇතිනම් ප්‍රසිද්ධියට පත් කරන ලෙස බල කරමින් සමාජවාදී තරුණ සංගමය විසින් ප්‍රමිති ආයතනය ඉදිරිපිට දැක්වූ විරෝධාතාවයක් අතරතුරදී එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මේ බව කියා සිටියේ ය.

170478468 4145623555462159 5994760978415765869 n

"බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතිවරයා, වී කුරුලු පැටියා ඉල්ලා අස්විය යුතු බවට අපි බලපෑම් කරනවා. ඔය එක විෂකාරක කෑම වේලක් මේ රටේ ජනාධිපතිවරු ඇමතිවරු මේ ව්‍යාපාරික ජුන්ටාව කන්නේ නැහැ. ඔවුන්ට වෙනම වගා කරනවා ඔවුන්ට වෙනම හාල් ගේනවා. ඔවුන්ට පලතුරු එළවලු ගේනවා ඔවුන් ඒවා කන්නේ. ඔබ අපි තමයි මේ විසකාරක පොල්තෙල් කන්නේ. ලැජ්ජයි මහත්තයෝ ඔබලා කරන මේ බලු වැඩේට."

169728280 4145623648795483 3037918659911634182 n

168600684 4145622765462238 5305922001474762134 n

168697427 4145623948795453 8580916515580046710 n

මෙරට රටේ තරුණ පිරිසට සුරක්ෂිත ආහාර වේලක් ගැනීම උදෙසා වූ මානව අයිතිවාසිකම වත්මන් පාලන තන්ත්‍රය විසින් උදුරාගෙන ඇති බවට සඳහන් කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 8ක් මූලික කරගෙන සමාජවාදී තරුණ සංගමය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

 ඡායා : ශෙහාන් ගුණසේකර

Search