නිල ඇඳුම අවභාවිතයෙන් සිදුවන පොලිස් පහරදීමකදී ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්න හැකි ද?

නිල ඇඳුම අවභාවිතයෙන් සිදුවන පොලිස් පහරදීමකදී සාමාන්‍ය පුද්ගලයෙක්ට සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

පන්නිපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු විසින් ලොරි රථ රියදුරකුට පහරදෙන සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දණ්ඩ නීති සංග්‍රහයේ 92 සහ 93 වගන්තිවල සඳහන් වන ප්‍රතිපාදන යටතේ යම් පුද්ගලයෙකුට සිය ආත්මආරක්ෂාව සහ ජිවිතාරාක්ශාව සඳහා ක්‍රියා කළ හැකි බව යි.

 

”පොලිස් නිලධාරියෙකුගේ ක්‍රියාවට ප්‍රතිරෝධය නොපාන අවස්ථාවක, තමන්ගේ අතේ ආයුධයක් හෝ වෙනත් දෙයක් නොමැතිවිටකදී මෙවැනි පහරදීමක් සිදුවන විට තමන්ගේ ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කිරීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතිය තිබෙනවා. නීතිය සෑම දෙනාටම එකයි, සාධාරණයි”

 

 

Search