"ඉතාම සුන්දර රටක් හැටියට සලකපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා හඳුන්වපු අපේ පුංචි ලංකාව අද මේ යන දිසාවට ගියොත් අනාගත පරම්පරාවට උරුම වෙන්නේ ඉන්දියන් සාගරයේ තියෙන කාන්තාරයක්."
"අන්න ඒ නිසා තමයි විශේෂයෙන්ම අද සිදුවන වන සංහාරයට, පරිසර විනාශයට විරුද්ධව භාග්‍යා වැනි තරුණ පිරිස් දායකත්වය ගැනීම ගැන අපි සතුටු වෙන්න ඕන. මොකද අනාගතය කියන්නේ ඒ අයට අයිති දෙයක්, අනාගතයේ දී අපේ මේ පුංචි ලංකාව දියුණු කරන්නට නම් පරිසර හිතවාදී ගමනකට යලි වතාවක් අපි යොමුවෙන්නට ඕන."