පසුගිය කාලයේ මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිදු වූ බව කියන වංචා පිළිබඳ සොයා බැලීමට විධිමත් කොමිසමක් කරන මෙන් 1996 දී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනාදුන් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඔහු මේ බව කියා සිටියේ ලෝක කුසලානය දිනා වසර 25 ක් පිරීම නිමිත්තෙන් අද (17) අරලියගහ මන්දිරයේ පැවති උපහාර උත්සවයේ සභාව අමතමිනි.