පාස්කු ප්‍රහාරයේ ප්‍රෝඩාව ගැනත් කොමිසමක් දාන එක වටිනවා- විපක්ෂ නායක සජිත් කුරුණෑගල ,කුලියාපිටිය අස්වැද්දුම ශ්‍රී ශාසනාලංකාර විහාරස්ථානයේ දී කියයි.
විවිධාකාර කොමිෂන් ආණ්ඩුව විසින් පත්කර ඇති බවත්,ආණ්ඩුව කඩිනමින්ම මැතිවරණයට පෙර බොරු කියමින් පාස්කු ප්‍රහාරයෙන් වාසි ගත් අයුරු සොයන්නට කොමිෂමක් පත්කළයුතු බවත් විපක්ෂ නායකයා කීවේය.
එදා මේ අයට එරෙහිව බරපතල චෝදනා එල්ල කළ බවත් අද ඒ චෝදනා බොරු බව ආණ්ඩුව විසින්ම පවසන බවත් කී විපක්ෂ නායකයා ,ආණ්ඩුව මේ සිදුකරන්නේ "පාස්කු ප්‍රෝඩාව" යැයිද කීවේය .ඔවුන් මැතිවරණයට පෙර ජනතාවට බොරුව,වංචාව සහ ප්‍රෝඩාකාරී රැවටිල්ල සිදු කළ බවද හෙතෙම කීය.
රාජ්‍ය උත්සවයකට රිෂාඩ් අමාත්‍යවරයා සම්බන්ධ වීම අරුමයක් නොවන බව කී විපක්ෂ නායකයා වැඩිදුරටත් කීවේ අදාල ගොඩනැගිල්ලෙහි විවෘත කිරීමේ උත්සවයට බදූර්දීන් මහතාටද ආරාධනාවක් තිබෙන්නට ඇත කියාය.
තම තමන්ගේ දෙමාපියන් හෝ තමන්ගේ ආත්මය පාවාදෙන කිසිවෙක් සමගි ජනබලවේගයේ ඇතැයි තමා විශ්වාස නොකරන බවත් ඔහු පැවසීය .