වසර 60කට පසුව කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා සුදානම් කරමින් පවතිනවා.
ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 424ක්.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිවන්නේ 1964 වසරේදී.
මේ වන විට එහි සිට දෛනිකව ක්‍රියාත්මක වන බස්රථ ගමන්වාර ගණන 1500කට අධිකයි.
දිනකට දහස් ගණනක් භාවිත කරන, එහෙත් දශක ගණනක් පුරා නිසි නඩත්තුවක් නොකිරීම නිසා එම බස් නැවතුම්පොළ අභාවයට යමින් පවතිනවා.
මේ සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් මෙරට බස් නැවතුම්පොළ 50ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ් යටතේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය එළැඹෙන 15 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ ගුවන් හමුදාවේ තාක්ෂණයෙන් වීමත් විශේෂත්වයක්.
නව ව්‍යාපෘතිය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතයි.
ප්‍රතිසංස්කරණ සඳහා සූදානම් වීමට මේ වන විට බස් නැවතුම් පොළෙහි බස් රථ මෙහෙයුම් නතර කර තිබෙනවා.
එමෙන්ම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමට අදාළව බස් නැවතුම්පොළ පරිශ්‍රයේ පිහිටි වෙළෙඳසැල් ද එම ස්ථානයෙන් ඉවත් කර ඇත