කොළඹට නව අරුතක් දෙමින් City of Dreams Sri Lanka’ විවෘත වෙයි...

කොළඹට නව අරුතක් දෙමින් City of Dreams Sri Lanka’ විවෘත වෙයි...

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන් ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) මෙම සති අන්තයේදී විවෘත වෙයි. City of Dreams Sri Lanka යනු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keells Holdings) සහ මෙල්කෝ රිසෝට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (Melco Resorts and Entertainment (MRE) හි ශක්තිමත් සහයෝගිතාවයේ අති සාර්ථක ව්‍යාපෘතියකි.

එය සුවිසල් අවස්ථාවන් සමඟින් නවෝත්පාදනය, ජාතික අභිමානය හා ගෝලීය පිළිගැනීම සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ද අරුත්ගැන්විය හැකිය.

මෙම අභිමානවත් සමාරම්භය සමඟ එක්වෙමින් ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර පවසා සිටියේ මෙවැන්නකි.

“මෙය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවක්. City of Dreams යනු අපේ රටේ මෙතෙක් සිදු කරන ලද විශාලතම පෞද්ගලික ආයෝජනයයි. මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට මෙන් ම ලෝකය තුළ ශ්‍රී ලාංකේය නාමය තවදුරටත් විශිෂ්ටත්වයට පත් කිරීමට හේතු වෙනවා. ඒවගේ ම අනාගත පරම්පරාවන්ට ප්‍රයෝජනවත් වන දිගුකාලීන ධනාත්මක වෙනසක් නිර්මාණය කරමින්, නවීන හා ඉදිරි දැක්මක් සහිත ගමනාන්තයක් ලෙසද City of Dreams පෙන්වාදිය හැකියි.”

මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ලෝරන්ස් හෝ (Lawrence Ho) සඳහන් කර සිටියේ, “මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා ජෝන් කීල්ස් සමූහය සමග එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වනවා. මෙල්කෝහි ගෝලීය අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය එකට එක් කරන වැදගත් අවස්ථාවක් ලෙස City of Dreams Sri Lanka සඳහන් කළ හැකියි. අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණය මෙන් ම විනෝදාස්වාද සහ කැසිනෝ පවත්වාගෙන යෑමෙන් අප කලාපයේ ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ව්‍යාපාරය සඳහා නව මිනුම් සලකුණු සකසන අතර ම ශ්‍රී ලංකාවේ අද්විතීය අනන්‍යතාව පිළිබිඹු කරමින් සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක්” ලෙස ය.

Search